Tuesday, May 14, 2024

General line - 0115112241

13875ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත ගොස් ඇති බව යුද හමුදාව කියයි




ත‍්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන 43 ක පුද්ගලයින් 4387 දෙනෙකු තවදුරටත් නිරෝධයනය වෙමින් සිටින බව ශ‍්‍රී ලංකා යුද හමුදාව පවසනවා. මේ වන විට නිරෝධායන ක‍්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති සංඛ්‍යාව 13,875 දෙනෙක්.

යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ පැවසුවේ නාවික හමුදාවේ සාමාජිකයින් 700 කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 222 දෙනෙකු අද දිනයේද සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

මේ අතර ශ‍්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණ, කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන්, යළි ඉන්දියාවට යෑමට නොහැකිව ශ‍්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය සංචාරකයන් 153 දෙනෙකු අද සිය රට බලා පිටත්ව ගියා.