Tuesday, May 14, 2024

General line - 0115112241

බිය වැද්දීමේ උත්සාහයක්ද ? බූස්ස බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයාගේ නිවස ඉදිරිපිට ජීව උණ්ඩ




බුස්ස බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයාගේ  බුස්ස පන්සල පාරේ පිහිටි නිවසේ  දොරකොඩ අසල පඩිපෙල මත තිබි ජිව උණ්ඩ 05ක්  අද (15) උදැසන සොයාගත් බැව් රත්ගම පොලිසිය පවසයි.

 මෙකි නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා ඊයේ (14) රාත්‍රි 7.30ට පමණ නින්දට ගොස් ඇත. අද උදැසන 6.20ට පමණ අවදි වි දොර විවෘත කිරිමේ දි  පඩිපෙල මත ජිව උණ්ඩ 05ක් තිබි ඇත. පසුව මේ පිළිබද මොහු  පොලිසියට හා තම උසස් නිලධාරින්ට දැනුම් දි ඇත.  

ඉන් උණ්ඩ 04ක සිල්වා යනුවෙන් සටහන් කොට ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. පසුව එම උණ්ඩ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා විසින්  තිබු ස්ථානයෙන් ඉවත්කොට ඇත.

රත්ගම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් විසින්, පොලිස් සොකෝ නිලධාරින් ඇගිලි සලකුණු නිලධාරින් හා නිල සුනඛයකු ගෙන්වා මේ සම්බන්ද පරික්ෂණ කටයුතු ආරම්භ කරණු ලැබිය. 

ජිව උණ්ඩ 05 පොලිස් භාරයට ගෙන ඇත. මෙකි සිද්ධිය සම්බන්දව මේ වනතෙක් නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයාට තර්ජනයක් බලපැමක් වි නොමැති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.

රත්ගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ද පරික්ෂණ පවත්වයි.