Wednesday, May 15, 2024

General line - 0115112241

මාවනැල්ලේ බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් යළිත් රිමාන්ඩ්




මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 15 දෙනෙකු ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 2019 ජනවාරි මස 2 වනදා හෝ ඊට ආසන්න දිනයක දී මාවනැල්ල ප‍්‍රදේශයේ ස්ථාන කීපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය හා මාවනැල්ල පොලීසිය එක්ව කළ විමර්ශනවලින් අනතුරුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ.