Tuesday, May 14, 2024

General line - 0115112241

පොලිස් වෙසින් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට




පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් බම්බලපිටිය පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු නාරාහේ්න්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්.

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන බවත්, ජාත්‍යාන්තර පොලිස් හැදුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය බවත් පවසමින්, එම සැකකරු ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. අදාළ පුද්ගලයා පිළිබද සැක සිතී පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයේ ජාත්‍යාන්තර පොලිස් සංගමයේ නිලධාරීන් කළ දැනුම් දීමකට අනුව නාරාහේ්න්පිට පොලිසියේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.