Tuesday, May 21, 2024

General line - 0115112241

ඡන්ද පති‍්‍රකා මුද්‍රණ කටයුතු සියයට 50 ක් අවසන්




මහමැතිවරණයේ ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට සියය 50 ක් අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා. දිස්ති‍්‍රක්ක 05 ක ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කර මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඇය කියා සිටියේ.

අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, යාපනය සහ කිලිනොච්චි දිස්ති‍්‍රක්කවල ඡන්ද පති‍්‍රකා එලෙස භාර දී තිබෙනවා. මාතර, රත්නපුර සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කවල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කර අවසන් බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සදහන් කළා.