Tuesday, May 21, 2024

General line - 0115112241

නේපාලයේ සිරවී සිටි ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් දිවයිනට




නව කොරෝනා ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව නේපාලයේ තවදුරටත් රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද මෙරටට පැමිණියා. 

ඔවුන් රැගත් විශේෂ ගුවන් යානය කත්මණ්ඩු නුවර සිට අද පෙරවරු 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුුපළ වාර්තාකරු සඳහන් කළේ. 

පසුව ඔවුන් සියලූ‍ දෙනා පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මෙම ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස අතර වැඩි පිරිසක් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට එරටට ගොස් සිටි සිසුන් බවයි නෙත් නිවුස් ගුවන් තොටුුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.