Friday, May 17, 2024

General line - 0115112241

"මගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න බැරි නම් වහාම ඔබලාගේ සැලසුම් මට දෙන්න" ජනපති ගෝඨාභයගෙන් මහ බැංකු නිළධාරීන්ට දැඩි අවවාද




වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර නොහරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහබැංකු ප‍්‍රධානීන් හමුවේ කියා සිටියා. 

ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර ඇතත්, ඊට මහ බැංකුවේ සහය මෙතෙක් ලැබී නොමැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. 

මහ බැංකු අධිපතිවරයා ප‍්‍රමුඛ මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යයාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අවවාදාත්මක ප‍්‍රකාශය සිදු කළා. 

ආර්ථික අර්බුදය ජය ගැනීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ යෝජනා ඇත්නම් කඩිනමින් ඉදිරිපත් කිරීම මහබැංකු නිලධාරීන්ගේ වගකීමක් වන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකු නිලධාරීන් හමුවේ පෙන්වා දුන්නා.