Sunday, May 12, 2024

General line - 0115112241

චීන හමුදාව සමග ඇතිකර ගත් ගැටුමෙන් ඉන්දීය හමුදා නිලධාරීන් 20ක් ජිවිතක්ෂයට 




ඉන්දු - චීන දේශ සීමාවේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීමෙන් ඉන්දීය යුධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇති හමුදා සාමාජිකයින් අතර හමුදා කර්නල්වරයෙක් ද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. මෙම ගැටුමෙන් චීන යුධ හමුදාවේ සාමාජිකයින් 43 දෙනෙකුටද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී මෙම ගැටුම ඊයේ (15) වෙනිදා රාත්‍රියේ ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

දෙපාර්ශ්වයේ හමුදා සාමාජිකයින් මුහුණට මුහුණලා මෙම ගැටුම ඇති කර ගෙන ඇත. ගැටුමේදී දෙපාර්ශවය ගිනි අවි භාවිතා කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පසුගිය සති කිහිපය පුරාවට ලඩාක් ප්‍රදේශය ආශ්‍රිත දේශ සීමාව උණුසුම් මුහුණුවරක් ගත් අතර අවස්ථා කිහිපයකදී ඇතිවූ මෙවැනි ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේ හමුදාවන් සිය භට පිරිස් වැඩි වශයෙන් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා තිබුණා.