Wednesday, May 15, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණයෙන් අපේක්ෂකයෙක් වැරැද්ද නිවරැදි කරගනී




ඡන්දය ඉල්ලා තැන තැන පෝස්ටර් අලවමින් තමන් කළ කි‍්‍රයාව නීති විරෝධී මෙන්ම පරිසර විරෝධී බව නෙත් එෆ්. එම්. බැලූම්ගල අද උදෑසන කළ අනාවරණයෙන් පසු අවබෝධකරගත් බව මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් මොණරාගල දිස්ති‍්‍රක්කයෙන් තරග කරන රෝහණ රත්නායක පවසනවා.

බැලූම්ගල වැඩසටහනෙන් අද (17) අනාවරණ කෙරුණේ මහමැතිවරණය වෙනුවෙන් ඇතැම් අපේක්ෂකයන් තැන තැන පෝස්ටර අළවා තිබීම පිළිබඳවයි.

මොණරාගල දිස්ති‍්‍රක්කයෙන් මහ මැතිවරණයට තරග කරන රෝහණ රත්නායක ද එලෙස තැන තැන පෝස්ටර් අලවා තිබුණා.

බැලූම්ගල වැඩසටහනින් පසු අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ "සමාජයට වැඩක් කරන්නයි මමත් එන්න උත්සහ කරන්නේ. නැවත ඒ වගේ වැරදි මගෙන් වෙන්නෙ නෑ." යනුවෙනි.

සිදු වූ වරද නැවත සිදු නොවීමට වගබලා ගන්නා බවට ද රෝහණ රත්නායක මෙහිදී සහතික වුණා. සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගලට ස්තූතිවන්ත වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ඉල්ලා තැන තැන පෝස්ටර් අලවා තිබෙන අපේක්ෂකයන් පිළිබඳ තවත් ප‍්‍රදේශ කිහිපයකින් ද පැමිණිලි ලැබී තිබෙනවා. 

එවැනි අවස්ථා ඔබත් දුටුවහොත් එහි ඡායාරූපයක්  072 7 372372 අංකයට වයිබර් හෝ වට්ස්ඇප් කරන්න. ඒ පිළිබඳව ද වහා සොයා බැලීමට නෙත් එෆ් එම් බැලූම්ගල සූදානම්.