Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපතිගේ අවවාදයෙන් පසු මහ බැංකුවෙන් විශේෂ කමිටුවක්




මූල්‍ය සහ ලීසිං සමාගම්වල සිදු වූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුවේ ප‍්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීරයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නීති සහ අනුකූලතා අධ්‍යක්ෂ කේ පී පී සිරිකුමාර, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ ජේ පී ගම්ලත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා. 

මහබැංකුවේ ලියාපදිංචි සහ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් විසින් ගණුදෙණු සිදු කරන සමාජය අනුමත නොකරන කි‍්‍රයාවන් සහ ඒවා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග නිර්දේශ කිරීම එම කමිටුවට පවරා තිබෙනවා. එම වාර්තාව දින 14 ක් තුළ ලබා දෙන ලෙසයි මහබැංකු අධිපතිවරයා විසින් නියෝග කර ඇත්තේ.