Tuesday, May 14, 2024

General line - 0115112241

විදුලි බිල සම්බන්ධයෙන් ජනපති ගෝඨාභයගෙන් කරුණු විමසීමක්




පසුගිය මාස කිහිපයේ නිකුත් කළ විදුලිබිල්පත්වල යම් ගැටලූකාරී තත්ත්යක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කරුණු විමසා තිබෙනවා. 

ඒ, අද පැවති කැබිනට් රැස්වීමේදීයි. ඒ අනුව විදුලිබිල්පත් සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කරන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පැවසුවේ කෝවිඞ් 19 වසංගත තත්ත්වයෙන් පසු පාරිභෝගිකයින්ට ලබා දී ඇති නිවැරදි බිල්පත වන්නේ, අවසානයට නිකුත් කරන ලද බිල්පත බවයි. 

විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ට ලබා දෙන සහන ඒකක කප්පාදුවක් කිසිසේත් සිදු කර නොමැති බවත්, සහන ඒකක 30 ලබා දීම එලෙසින්ම කි‍්‍රයාත්මක බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවා. 

මාස 02 ක බිල්පතක් එකවර ලබා දීමේදී එය ඒකක 60 ක් වශයෙන් සලකා කටයුතු කර ඇති බවයි ඔහු අවධාරණය කළේ. විදුලි බිල්පත වාරික වශයෙන් ගෙවීම් කිරීමට හැකි බවත්, කිසිදු නිවසක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.