Wednesday, May 15, 2024

General line - 0115112241

රිය අනතුරු ඉහළට : බිමත් රියැදුරන් අත්අඩංගුවට ගන්න පොලිසියෙන් මෙහෙයුම්




බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයින පුරා ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියළුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය දින කිහිපයේදී සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම අරඹන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම මෙහෙයුමේදී බිමත් රියදුරන්ට අමතරව වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු ලබා ගන්නා ලෙසද නියෝග නිකුත් කොට ඇත.

ජීප් රථ, මෝටර් රථ හා කැබ් රථ පිළිබඳ වැඩි අවධානයක් මෙහෙයුම් වලදී යොමු කරන ලෙසට උපදෙස් ලබාදී ඇති අතර මෙම මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසටද දැනුම් දී ඇත.