Tuesday, May 21, 2024

General line - 0115112241

සියලූම බන්ධනාගාර අධිකාරිවරුන් කොළඹට කැඳවයි




සියලූම බන්ධනාගාර අධිකාරිවරුන් අද (18) කොළඹට කැඳවා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ එක්දින විශේෂ පුහුණු සැසියක් සඳහා බන්ධනාගාර අධිකාරිවරුන් එලෙසෙ කොළඹට කැඳවා ඇති බවයි.

විධිමත් ලෙස රාජකාරි සිදුකළ යුතු ආකාරය, අභියෝගවලට මුහුණ දිය යුතු ආකාරය, නායකත්වය පුහුණුව ආදී කරුණු සම්බන්ධයෙන් එහිදී බන්ධනාගාර අධිකාරිවරුන්ට විශේෂ පුහුණුවක්  ලබාදීමට නියමිතයි.

බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු ඇති. එම පුහුණු සැසියේදී ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ද බන්ධනාගාර අධිකාරිවරුන් ඇමතීමට නියමිතයි.