Tuesday, May 21, 2024

General line - 0115112241

බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර ලබන සඳුදා සිට




බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක කරන බව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පවසනවා.

දෙවන අදියරයේදී බොරැල්ල සිට පිටකොටුව දක්වා ප‍්‍රමුඛතා මංතීරු නීතිය කි‍්‍රයාත්මක කරන බවයි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

ඉකුත් 08 වැනිදා සිට බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය පළමුව කි‍්‍රයාත්මක කෙරුණේ මොරටුව කුරුස හංදියේ සිට පිටකොටුව දක්වායි.

එමගින් මොරටුව කුරුස හංදියේ සිට පිටකොටුව දක්වා බස් රථ ධාවනයේදී විනාඩි 30 ත් විනාඩි 44 ත් දක්වා කාලයක් අවම කරගැනීමට හැකි වී ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.

රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ සඳහන් කළේ මහමගට වැය වන කාලය ඉතිරි කරගැනීමට හැකි වීම හේතුවෙන් මෙම වැඩසටහන පිළිබඳ මහජනතාවගේ ප‍්‍රසාදයක් පවතින බවයි.