Tuesday, May 7, 2024

General line - 0115112241

නීතිපති කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය පැය 02ක් රැඳෙයි




නීතිපති දප්පුල ද ලිවේරා අද (19) පෙරවරුවේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

අද පෙරවරු 09.00 ට පමණ  කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට පැමිණි නීතිපතිවරයා බන්ධනාගාර පුහුණු පාසලේදී සියලූ බන්ධනාගාර අධිකාරීවරුන් සහ කොමසාරිස්වරුන් සමග සාකච්ඡාවක ද නිරත වී තිබුණා.

පැය 02 කට අධික කාලයක් එහි රැඳී සිටි නීතිපතිවරයා, පෙරවරු 11.10 ට පමණ ඉන් පිටව ගිය බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

බන්ධනාගාර තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේදීම දැඩි කතාබහට ලක්වුණා. එවැනි පසුබිමක් තුළ නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීම විශේෂත්වයක්.