Tuesday, May 7, 2024

General line - 0115112241

තරග පාවාදීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඇරඹේ




තරග පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබද ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුගේ උපදෙස් අනුවයි. මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදී ක‍්‍රිඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර පැවසුවේ ක‍්‍රීඩා වැරදි වැළැක්වීම සදහා ක‍්‍රීඩා අමාත්‍යංශය මගින් ස්තාපිත විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම පරීක්ෂණය සිදු කරන බවයි.

එම විශේෂ විමර්ශන ඒකකයට පොලිස් නිලධාරීන් ද ඇතුළත් අතර ඉදිරියේදී මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්තමගේ, ගෙන් එම ඒකකය ප‍්‍රකාශයක් ලබාගනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ද ට්ටවිටර් සටහනක් තබමින් අදහස් පළ කර තිබෙනවා. ඔහු එහි දක්වා ඇත්තේ දේශපාලන අරමුණු වෙනුවෙන් ක‍්‍රීඩකයින්ට චෝදනා එල්ල කරන බවයි.

හිටපු ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් පළ කළා. ඔහු කියා සිටියේ 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ශ‍්‍රී ලංකාව පාවා දුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, ගේ ප‍්‍රකාශය බරපතල ප‍්‍රකාශයක් බවයි.