Tuesday, May 7, 2024

General line - 0115112241

හැටන් නගරයේ අනවසර වෙළඳසැල් ඉවත් කෙරේ

රංජිත් රාජපක්ෂ




හැටන් මහජන වෙළඳපල පිටුපස පාරිභෝගිකයින්ට අවහිර වන සේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් අද කටයුතු කිරීමත් සමග ඔවුන් සහ වෙළඳුන් අතර නොසන්සුන්තාවක් හට ගත්තා.

අදාළ වෙළඳසැල් ඉවත් කරන ලෙස හැටන් දික්ඔය නගර සභාව වෙළඳුන්ට මීට පෙර දැනුම්දීමක් ද සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අදාළ වෙළඳසැල්වල තිබූ භාණ්ඩ හැටන් දික්ඔය නගර සභාව වෙත රැගෙන යාමට එහි නිලධාරීන් කටයුතු කර තිබෙනවා.