Monday, May 6, 2024

General line - 0115112241

බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක වූ මත් කුඩු ජාවාරමක් අල්ලයි




කටුනායක ගුවන් හමුදා කඳවුරේ සැරයන්වරයෙකු ද සම්බන්ධ කර ගනිමින් මීගමුව බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙය වූ රැඳවියා සතුව තිබී ජංගම දුරකතනයක් සොයාගෙන තිබෙනවා. 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස තමන් බන්ධනාගාර බුද්ධි අංශයට නියෝග කළ බවයි. 

ඒ අනුව බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව බන්ධනාගාරයට ගොස් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ මත්කුඩු ජාවාරමට සම්බන්ධ රැදවියා සතුව තිබී මෙම ජංගම දුරකතනය සොයා ගෙන තිබෙනවා. 

එම රැදවියාට ජංගම දුරකතනයක් ලැබුණේ කෙසේද යන්න පිළිබදවද විමර්ශන කි‍්‍රයාත්මකයි.  අදාළ රැදවියාගේ බිරිද සහ ඇයගේ සොහොයුරෙකුද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මාතර බන්ධනාගාරයේ රැුදවියෙකුට ජංගම දුරකතනයක් ලබාදුන් සිද්ධියට අදාළ බන්ධනාගාර නියාමකවරයාද මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කළ බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා. 

මේ අතර මහර බන්ධනාගාරයේ රදවා සිටි රැුදවියන් දෙදෙනෙකුට ජංගම දුරකතන ලබාදුන් බන්ධනාගාර නියාමකවරයෙකුගේද වැඩ තහනම් කර තිබෙනවා. 

එක්ස් ටූ වාට්ටුවේ රැදවියෙකු සතුව තිබී ජංගම දුරකතනයක් සොයාගෙන ඇති අතර ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී එම් වාට්ටුවේ රැුදවියෙකු සතුව තිබී තවත් ජංගම දුරකතනයක් සොයා ගැනීමට මහර බන්ධනාගාර නිලධාරීන් සමත් වුණා. 

ඔවුන් දෙදෙනාගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ බන්ධනාගාර නියාමකවරයා විසින් මෙම ජංගම දුරකතන දෙක ලබාදී ඇති බවයි. 

ඒ අනුව මහර බන්ධනාගාර අධිකාරිවරයා විසින් අදාළ බන්ධනාගාර නියාමකවරයාගේ් වැඩතහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණයක් සිදුකරන ලෙසයි බන්ධනාගාර අධිකාරිවරයා රාගම පොලිස් ස්ථානයට දැනුම්දී ඇත්තේ.