Tuesday, May 7, 2024

General line - 0115112241

පාතාල නායක බොල්ලතේ කුමාර අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අජන්ත රෝහණ චන්ද්‍රකුමාර නොහොත් බොල්ලතේ කුමාර ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් ග‍්‍රෑම් 2 ක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු මංකොල්ලකෑම් රැසකට සහ වෙඩි තැබීමේ සිද්ධියකට මෙන්ම පහරදීම් රැසකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. 

එමෙන්ම මෙම සැකකරු දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීවගේ සමීපතමයෙකු බවද අනාවරණ වී තිබෙනවා.