Tuesday, May 7, 2024

General line - 0115112241

ඉන්දියාවේ සිටි 230ක් ලංකාවට

ටී කේ ජී කපිල




ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් මෙන්ම, කොළඹ වරාය තුළ නැංගුරම් ලා ඇති විදේශීය නැව්වල සේවය කිරීමට පැමිණෙන ඉන්දීය ජාතික නාවිකයන් පිරිසක් ද සිටින බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.

මෙම ගුවන් මගීන් පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයට අයත් AI- 281 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින උදෑසන 6.28 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණ සදහා යොමු කෙරුණා.