Tuesday, May 7, 2024

General line - 0115112241

බැලූම්ගල හෙළිකල මූල්‍ය ආයතනය ගැන පරීක්‍ෂණ




නෙත් එෆ්.එම්. බැලූම්ගල වැඩසටහනින් අද (22) අනාවරණ කෙරුණු කුරුණෑගල මාස්පොත ප‍්‍රදේශයේ පවත්වාගෙන යන වැඩි පොලියක් ලබා දෙන ආයතනය සම්බන්ධයෙන් වහාම සොයා බලන බව මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක‍්‍රමිකතා සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසනවා. 

නෙත් එෆ්. එම්. බැලූම්ගල විසින් අනාවරණ කෙරුණු අදාළ සියලූ තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙසයි එම කමිටුවේ ප‍්‍රධානී, ජනාධිපති නීති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර ඉල්ලා සිටියේ. 

ඒ අනුව අදාළ තොරතුරු එම කමිටුව වෙත ලබාදීමට නෙත් එෆ්. එම්. බැලූම්ගල කටයුතු කළා.

ප‍්‍රශ්නගත ආයතනය වාර්ෂිකව සියයට 72 ක පොලියක් ලබා දෙන බව පවසමිනුයි ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලබාගන්නේ.

තැන්පතුවක් ලෙස නොව ණයක් ලෙස මුදල් ලබාගන්නා බවද ඒ බවට පොරොන්දු නෝට්ටුවක් ලබා දෙන බවද ඔවුන් පවසනවා. 

කෙසේ වෙතත් මෙවැනි මූල්‍ය කටයුතු සිදුකිරීමට නම් ඒ සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුවෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවයි නීතිවේදීන් පෙන්වා දුන්නේ. නෙත් එෆ්. එම්. බැලූම්ගල මේ පිළිබඳ ශී‍්‍ර ලංකා මහ බැංකුවෙන් ද විමසා සිටි අතර ප‍්‍රශ්නගත ආයතනය බලපත‍්‍රලාභී ආයතනයක් නොවන බව එහිදී ප‍්‍රකාශ කෙරුණා.

(බැලුම්ගල වැඩසටහන පහතින් දැක්වේ)


 

----------------------

නීත්‍යානුකූල නොවන තවත් මූල්‍ය ආයතනයක් ගැන බැලුම්ගලින් අනාවරණය කෙරේ

(22-06-2020 07:28)

 

නීත්‍යානුකුල නොවන මූල්‍ය ආයතන පිළිබඳ මේ දිනවල නැවත නැවතත් සංවාද වෙමින් තිබියදී ඇතැම් පුද්ගලයින් තවදුරටත් එවැනි මූල්‍ය ආයතන පවත්වාගෙන යමින් සිටිනවා. නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතනයක් සමග සිදුකෙරුණු ලීසිං ගනුදෙනුවක් ඉකුත්දා අවසන් වූයේ මනුෂ්‍ය ඝාතනයකින්. 

ශී‍්‍ර ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික තිරෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතා එලෙස ඝාතනයට ලක්වුණා.

මෙම අවධානම පිළිබද නොසලකා නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතන සමග ගණුදෙනු කරනන්නද තවමත් සිටින බවයි අනාවරණ වුණේ.

මූල්‍ය ආයතන නියාමනය සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුවට පැවරී ඇති වගකීම පිළිබඳවත් එම වගකීම ඇතැම් අවස්ථාවල දී මහ බැංකුව විසින් ඉටුකර නොමැති බවටත් මේ දිනවල සංවාද පවතිනවා. ද ෆිනෑන්ස් ඇතුළු ඇතැම් මූල්‍ය ආයතනවල කඩා වැටීම ද මේ හේතුවෙන් සිදුව ඇති බවටයි ප‍්‍රකාශ වුණේ. 

මූල්‍ය ආයතන පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කමිටුවක් ඉකුත්දා පත් කෙරුණේ ද මෙම කරුණු සැලකිල්ලට ගනිමින්. එසේ තිබියදීත් තවදුරටත් පවත්වාගෙන යන නීත්‍යනුකූල නොවන තවත් මූල්‍ය ආයතනයක් පිළිබඳ නෙත් එෆ්. එම්. බැලූම්ගල අද (22) අනාවරණ කළා. 

නීත්‍යනුකූල නොවන මූල්‍ය  ආයතන සමඟ ගනුදෙනු කිරීමේ ඇති අවදානම ද මූල්‍ය ආයතන වඩා විධිමත්ව නියාමනය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා කෙරුණා.