Tuesday, May 7, 2024

General line - 0115112241

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්




මෙරටට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින සියළු විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් ජුලි මාසය අවසන්වීමට පෙර දිවයිනට ගෙන්වා ගැනීමට ආණ්ඩුව සැලසුම් සකස් කර තිබෙනවා. මෙතෙක් විදෙස්ගත ශ‍්‍රමිකයින් 12,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.

ඔවුන් මෙරටට ගෙන්වාගෙන තිබුණේ රටවල් 21ක සිටයි. ඔවුන් සියළු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. 

මේ අතර මේ දක්වා මෙරට සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 95,087ක් වනවා. පෙරේදා (20) දිනයේදී PCR පරීක්ෂණ 827ක් සිදුකළ ද කිසිදු ආසාදිතයෙකු හදුනා නොගත් බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ. මේ දක්වාද කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාවද මේ වනවිට 1,498 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටින් වාර්තාවූයේ නව්‍ය කොරෝනා ආසාදිතයින් 1,950 දෙනෙකු පමණයි. ඒ අතරින් තවදුරටත් ආසාදිතයින් 441 දෙනෙකු පමණක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.