Tuesday, May 14, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝ එක හමාරක් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට




හෙරොයින් කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 527 ක් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ, රඹුක්කන - කෑගල්ල මාර්ගයේ දුම්රිය හරස් පාර ඉදිරිපිට ඇති බස් නැවතුම්පොල අසලදීයි. 

27 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ජාවාරමට අනුබලදීම මතයි. ඔවුන් සතුව තිබී ජංගම දුරකතන 3 ක් ද සොයා ගැණුනා.