Tuesday, May 14, 2024

General line - 0115112241

කාදිනල් හිමිපාණන්ට එරෙහිව සිදුකළ චෝදනාව ගැන හරින්ට එරෙහිව දැඩි විරෝධයක්




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ගැන කොළඹ අගරදගුරු වසමේ සහයක රදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික පුජක සංසදය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

කාදිනල් හිමිපාණන් අවඥාවට ලක් කරමින් හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කතෝලික පුජක සංසදය විසින් සිය දැඩි අප්‍රසාධය පළ කර සිටිනවා.

ඉකුත් ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට කතෝලික ජන්ද අහිමි කිරිමට කාදිනල් හිමිපාණන් සංවිධානාත්මකව කටයුතු කළ බවට හිටපු මන්ත්‍රිවරයා සිදු කළ චෝදනාව සම්පුර්ණයෙන් හෙළා දකින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ විවිධ ජනවර්ග අතර ඇවිලියන්නට ඉඩ තිබු ගැටුම්කාරී තත්ත්වය වළක්වා ගැනීමට ඒ අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් නායකත්වය ගෙන කටයුතු කළ ආකාරය අමතක කොට පටු දේශපාලන වාසි තකා සිදුකළ එම ප්‍රකාශය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.