Tuesday, May 14, 2024

General line - 0115112241

2011 අවසන් මහා තරග සිදුවීම පිළිබඳව ICC විමර්ෂනයක්




තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් ඒ පිළිබද ප‍‍්‍රකාශයක් ලබා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වනවා. 

එම කවුන්සිලයේ ප‍‍්‍රකාශකයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉදිරියේදී ප‍‍්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි. 

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉකුත්දා ප‍‍්‍රකාශ කර තිබුණේ 2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව තරගය පාවාදුන් බවයි. 

අවසන් මොහොතේදී ක්‍රීඩකයින් සිවුදෙනෙකු වෙනස් කිරීම පිළිබදවද සැක මතු වන බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබුණා. එම ප‍‍්‍රකාශය මෙරට ක්‍රීඩා ක්‍ෂේත‍‍්‍රයේම මහත් කැලඹීක් සිදු කළ අතර ඉන්දීය මාධ්‍යවල පවා එම ප‍‍්‍රකාශය ප‍‍්‍රමුඛ පුවතක් බවට පත් වුණා. 

මේ අතර තරග පාවාදීමේ සිද්ධියක් පිළිබද ආන්දෝලනාත්මක ප‍‍්‍රකාශයක් සිදු කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, ගෙන් ඉදිරියේදී ප‍‍්‍රකාශයක් ලබා ගන්නා බව කී‍‍්‍රඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ද පවසනවා. 

නෙත් ස්පෝර්ටස්මන් වෙත අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා පැවසුවේ මේ පිළිබද ප‍‍්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු කී‍‍්‍රඩා අමාත්‍යවරයාට ද දැනුම්දීමක් සිදුකර ඇති බවයි.