Wednesday, May 15, 2024

General line - 0115112241

කාදිනල්තුමාට අපහාස කළ හරීන්ගේ ප්‍රකාශයට සජිත් සමාව ඉල්ලයි




හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු විසින් අගරදගුරු හිමියන්ට අපහස වන අයුරින් සිදුකරනු ලැබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ද සිය අප‍්‍රසාදය පළ කරනවා. 

එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසන්නේ අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අගරදගුරු හිමියන්ගෙන් සමාව අයද සිටින බවයි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවසුවේ අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද දවසේදී පක්‍ෂයක් ලෙස සාකච්ඡා කරන බවයි. 

අමාත්‍ය විමල් වීරවංශද අද පැවති උත්සවකදී සදහන් කළේ අගරදගුරු හිමියන් කිසිදු පක්‍ෂ දේශපාලනයක් සිදු නොකරන බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කතෝලික සභාව පවසන්නේ අගරදගුරු හිමියන් පිළිබද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දුගේ වගකීම් රහිත චෝදනාව තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බවයි.