Tuesday, May 14, 2024

General line - 0115112241

පසුගිය පැය 24 තුල පමණක් පාතාලයේ අටක් අත්අඩංගුවට




කුප‍්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අට දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 

පොලිස් නීති කොට්ධාශය භාර අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඔවුන් අට දෙනා මතුගම, හංවැල්ල, රත්මලාන, රඹුක්කන යන ප‍්‍රදේශවලදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

අද පස්වරුවේ පැවති මෙම මාධ්‍ය හමුවට එක් වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් ඉකුත් දිනෙක සිදු කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි.