Tuesday, May 14, 2024

General line - 0115112241

ඉරාකයේ පිහිටි IS ත්‍රස්ත කඳවුරු රැසකට ගුවන් ප්‍රහාර (VIDEO)




ඉරාකයේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානයට අයත් කඳවුරු ඉලක්ක කර ගනිමින් අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්ව ගුවන් යානා ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

එම ප්‍රහාර වලින් IS සංවිධානයට අයත් කඳවුරු 04ක් විනාශයට පත්වී ඇති අතර ත්‍රස්තවාදීන් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

2019 වර්ෂයේදී IS සංවිධානය පාලනයේ තිබු භුමි ප්‍රදේශ රැසක් ඔවුන්ට අහිමි වූ අතර ඔවුන්ට සහය දක්වන ත්‍රස්තවාදීන් ඉරාකය සහ සිරියාව අතර පිහිටි ස්ථානවල රහසිගතව කඳවුරු පිහිටුවා ගෙන සිටිනවා.

IS සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි ගේ මරණයෙන් පසුව එම සංවිධානයට අයත් ත්‍රස්තවාදීන් වික්ෂිප්ත භාවයට පත්ව ඇති බවයි අමෙරිකානු යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක Myles B. Caggins කියා සිටියා.