Tuesday, May 14, 2024

General line - 0115112241

LTTE මතවාද ප්‍රචාරය කරන තවත් අලුත් මාර්ගයක් අනාවරණය වෙයි




LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචාරය කරන තවත් ජංගම දුරකතන යෙදවුමක් පිළිබද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මාවිරාගල් ලෙස නම් කර ඇති මෙම ජංගම දුරකතන යෙදවුම හරහා LTTE සංවිධානයේ ඡායාරූප සහ වීඩියෝ පට ප‍්‍රචලිත කර ඇතැයි සදහන්.

එමෙන්ම LTTE හිටපු නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඡායාරූප මෙන්ම ඔහුගේ හඩපටද මෙම ජංගම දුරකතන යෙදවුමට ඇතුළත් කර තිබෙනවා. 

මීට පෙරද අන්තර් ජාල රේඩියෝවක් උපයෝගී කර ගනිමින් LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබද නෙත් නිවුස් පළමු වරට තොරතුරු අනාවරණ කළා.

ජංගම දුරකතන යෙදවුම් 2 ක් හරහා කි‍්‍රයාත්මක වූ මෙම වැඩපිළිවෙල පිළිබද නෙත් නිවුස් කළ අනාවරණයත් සමග ආරක්‍ෂක අංශවල අවධානය ද ඒ වෙත යොමු වුණා. පසුව ගූගල් ආයතනය කටයුතු කළේ අදාළ යෙදවුම් ඉවත් කිරීමටයි.