Tuesday, May 14, 2024

General line - 0115112241

ක්‍ෂේත‍්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති පෙන්වයි




දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්‍ෂේත‍්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පවසන්නේ දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බවයි.

ක්‍ෂේත‍්‍ර රැසක කර්මාන්තකරුවන් සමග ඊයේ (22) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා.
රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වාගැනීමට සහ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගතවීමට ද උත්සාහය කළයුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පවසා ඇත්තේ.

කර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත‍්‍රණයේ සියලූ ආයතන පෙළගස්වා ඇති බවත් තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය සම්පාදනය අරඹා ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ඒවායේ ප‍්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.