Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයෙන් මුතුහෙට්ටිගම ඉවත් වෙයි




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ සියළු තනතුරුවලින් ඉවත්විමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම තීරණය කර තිබෙනවා.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මෙවර මැතිවරණයට තරග වැදීම සදහා ඔහුට නාමයෝජනා නොලැබීමයි. ඒ අනුව ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නෙත් නිවුස් ඔහුගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ  "තවදුරටත් ශ්‍රී ලංකා කික කිය ඉන්න එකෙන් තේරුමක් නෑ කියලා එකඟතාවයකට ආවා. ඒ අනුව පොදුජන පෙරමුණට එක් වෙනවා. අගමැතිතුමා අපිට සාධාරණ උත්තරයක් දෙයි කියලා අපේක්ෂා කරනවා." යනුවෙනි.

තමන්ට හිමි තැන ඉදිරි දේශපාලන ගමන සකස් වනු ඇති බවයි හිටපු මන්තී‍්‍රවරයා සඳහන් කළේ.

බද්දේගම ආසනය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගමහට මෙවර මහ මැතිවරණයට තරග වැදීම සදහා ශි‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් නාමයෝජනා හිමිවූයේ නැහැ.