Tuesday, May 14, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක 20ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්




මහ මැතිවරණෙට අදාළව දිස්ත‍්‍රික්ක 20 නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කර අත්සන් කර තිබෙනවා. 

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවල පමණක් නිල ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීමට ඉතිරිව ඇති බවයි. 

ඒ අතරින්ද කොළඹ දිස්ත‍්‍රික්කයේ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය සියයට 50 කින් අවසන් කර ඇති බවද ප‍්‍රකාශ කෙරුණා. 

රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ දිස්ත‍්‍රික්ක 13 කට අදාළව මුද්‍රණය කර ඇති නිල ඡුන්ද පත‍්‍රිකා මේ වනවිට මැතිවරණ කොමිසමට ලබාදී ඇති බවයි. 

ඒ අනුව මාතලේ, නුවරඑළිය, මාතර, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, අනුරාධපුරය, පොලොන්නරුව, රත්නපුර, කෑගල්ල, ගාල්ල, හම්බන්තොට හා බදුල්ල දිස්ත‍්‍රික්කවල නිල ඡුන්ද පත‍්‍රිකා මැතිවරණ කොමිසමට භාරදී අවසන්.

අද දිනයේ දී දිගාමඩුල්ල, වවුනියාව හා මොණරාගල යන දිස්ත‍්‍රික්ක වල නිළ ඡන්ද පත‍්‍රිකා හෙට දිනයේදී මැතිවරණ කොමිසමට භාරදීමට නියමිතයි.