Tuesday, May 14, 2024

General line - 0115112241

විවාහ ඇතුළු උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස 200ක් දක්වා වැඩි කිරීමට සාකච්ඡා




විවාහ මංගල්‍යය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඊට අදාල යෝජනාව දැනටමත් කොවිඞ්-19 පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමුකර ඇති බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසන්නේ. 

කොරෝනා වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගී කරගත හැකි සංඛ්‍යාව 100 දක්වා සීමා කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව විවාහ මංගල උත්සවයකදී දැරීමට සිදුවන පිරිවැයත් සමග බරපතළ පාඩුවක් සිදුවන බවයි උත්සව ශාලා හිමිකරුවන් අමාත්‍යවරයා දැනුවත් කර ඇත්තේ. මෙම තත්ත්වය හේතුවෙන් ආහාර පාන සපයන්නන්, වීඩියෝ හා කැමරා ශිල්පීන්, අෂ්ඨකවරුන්, මඟුල් බෙරකරුවන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසා ඇත්තේ මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ සමඟ සාකච්ජා කර ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා බවයි.