Tuesday, May 14, 2024

General line - 0115112241

දකුණු කොරියාව ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සිමා කරයි - මැදපෙරදිග ගිය අයත් අර්බුද රැසක




කොරෝනා ව්‍යාප්තියත් සමග විදෙස්ගත ශ‍්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන පේ‍්‍රෂණ පහළ ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ දත්තවලට අනුව සියයට 20 ත් 33 ත් අතර ප‍්‍රමාණයක් පහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවේ විදෙස් ගතව සිටින ශී‍්‍ර ලාංකිකයින් පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි.

දකුණු කොරියාව සදහා ශ‍්‍රමිකයින් ගෙන්වා ගැනීම මේ වනවිට සිමා කර ඇති බවයි ඔහු කියාසිටියේ.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් වසරේ මුල් මාස 4 ට සාපේක්‍ෂව මේ වසරේ මුල් මාස හතරේදී මෙරටට ලැබුණු විදෙස් ශ‍්‍රමිකයින්ගේ පේ‍්‍රෂණ සියයට 9 කින් අඩු වී තිබෙනවා. දැනටමත් මැද පෙරදිග පමණක් සේවය කළ ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් 8,000 ක පමණ පිරිසක් මෙරටට පැමිණ ඇති අතර තවත් 40,000 ක පමණ පිරිසක් පැමිණීමේ අපේක්‍ෂාවෙන් පසුවනවා.