Wednesday, May 15, 2024

General line - 0115112241

මාලදිවයිනේ රැදී සිටි ශී‍්‍ර ලාංකිකයින් 169 ක් දිවයිනට




ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 169 දෙනෙකු අද දිවයිනට පැමිණියා. 

ඒ, මාලේ සිට පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින්. මෙම ගුවන් මගීන් පිරිස මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ‍්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයෙන් පස්වරු 3.10 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියා. 

ඔවුන් ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.