Tuesday, May 14, 2024

General line - 0115112241

කසිප්පු ජාවාරම්කරුවන්ගෙන් පගාව ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්




අරණායක පොලිසියේ උප පොලිස් පරික්ෂකයෙකු සහ පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට තීරණය කර තිබෙනවා. 

ඒ, නිීතිවිරෝධී මත්පැන් අළෙවි කරන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හැට දහසක අල්ලසක් ලබාගැනිමේ චෝදනා මතයි.

අරණායක, අම්බලකන්ද, පෝඩාපය ප‍්‍රදේශයේදි ත‍්‍රීරෝද රථයක තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 80 ක් සොයා ගැනීමට මෙම නිලධාරීන් කටයුතු කර තිබෙනවා. 

එම බෝතල් ප‍්‍රමාණය 25 කට අඩු කර වෙනත් පුද්ගලයෙකුට නඩු දැමීම සදහා මත්පැන් ප‍්‍රවාහනය කළ පුද්ගලයාගෙන් අදාළ අල්ලස ඉල්ලා ඇති බවයි මූලික පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ.