Tuesday, May 14, 2024

General line - 0115112241

බස් ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නැහැ




බස් ගාස්තු වැඩි කිරීම සදහා කිසිදු සූදානමක් නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ගාස්තු වැඩි කරන ලෙසට බස් සංගම් ඉල්ලා සිටින බවයි.

මේ අතර විදුලි බිල්පත් ගෙවීම පිළිබද පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් අතර සාකච්ඡුාවක්ද අද පැවැත්වුණා. 

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පෙබරවාරි හා ඊට පෙර මාස වලට සාපේක්ෂව, මාර්තු, අපේ‍්‍රල් හා මැයි මාසවල ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බවයි. 

කෙසේවෙතත් කිසියම් අයෙකු වැඩිපුර ගාස්තුවක් ගෙවා ඇත්නම් එම ගාස්තුව ඔහුට යළි අයකර ගැනීමට හෝ ඊළඟ මාසයේ බිල්පතෙන් එම මුදල අඩු කිරීමට හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එමෙන්ම ජුනි මාසයේදී විදුලි බිල් ගෙවීම සාමාන්‍ය පරිදි සිදු කරනු ඇති.

ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් අය වීමේ දී අපේ‍්‍රල් මාසය තුළ විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 50ක්ද, මැයි මාසයේ දී සියයට 65ක් හා ජූනි මාසයේදී සියයට 90කට වඩා වශයෙන් විදුලි බිල්පත් ගෙවීමද සිදුවී තිබෙනවා.