Wednesday, May 15, 2024

General line - 0115112241

මිගමුව ඇතුළු බන්ධනාගාර 19 ක ජෙල්ර්වරුන් පිරිසකට ස්ථාන මාරු




වහාම කි‍්‍රයාත්මක වන පරිදි බන්ධනාගාර 19 ක ප‍්‍රධාන ජේලර්වරුන් හා ජේලර්වරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. 

ඒ අතරට ප‍්‍රධාන ජේලවරුන් 8 දෙනෙකු අයත්. මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදුකළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

ඒ අනුව මහත් කතා බහට ලක්ව ඇති මීගමුව බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර්වරයා දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා. ඊට අමතරව යාපනය, කොළඹ රිමාන්ඞ්, අගුණුකොලපැලැස්ස, බූස්ස, මාතර, කළුතර සහ කුරුවිට යන බන්ධනාගාරවල ප‍්‍රධාන ජේලවරුන් ද ස්ථාන මාරු කර තිබෙනවා. 

මීට අමතරව පොළොන්නරුව, මීගමුව, වාරියපොල, මහර, මඩකලපුව, දුම්බර, කොළඹ රිමාන්ඞ් සහ පල්ලෙකැලේ යන බන්ධනාගාරවල සිටි පළමු පන්තියේ ජේලවරුන්ටද ස්ථාන මාරු ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

බන්ධනාගාර ආශි‍්‍රතව සිදුවන විවිධ අක‍්‍රමිකතා සහ සිරකරුවන් මෙහෙය වන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලූම්ගල දිගින් දිගටම තොරතුරු අනාවරණ කළා. 

අද දිනයේ ස්ථාන මාරුවීම් ලබාදුන් ප‍්‍රධාන ජේලර්වරුන් සහ ජේලවරුන් පිරිස රැදී සිටි බන්ධනාගාරද ඒ අතරට අයත්.