Tuesday, May 14, 2024

General line - 0115112241

ඡන්ද ගණන් කිරීම ගැන දැනට තීරණය කර ඇති තත්ත්වය පැහැදිළි කෙරේ




මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වෙනවා. ඒ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන්. මෙහිදි ප‍්‍රධාන වශයෙන් ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සදහන් කළේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම හේතුවෙන් වෙනදාට වඩා වැඩි කාලයක් ඡන්ද විමසීමට ගතවනු ඇති බවයි.

ඡන්ද ගණන් කිරීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්ද මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිත තීරණයක් ගෙන නැහැ. පෙරහුරු මැතිවරණවලින් ලබාගන්නා අත්දැකීම් මත එය තීරණය කිරීමට නියමිතයි. මේ වනවිට පැමිණ ඇති නිගමනයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළ කළේ මෙවන් අදහසක්.

"එක හා සමාන ඡන්ද පත්‍රිකා තියෙන තැන්වල ඡන්දය ගණන් කිරීම අපි එකතු කරලයි කරන්නේ. පොළොන්නරුවයි කෑගල්ලයි ඡන්ද පත්‍රිකා දෙකම එක වගේ. අපි පොළොන්නරුවේ ගණිනවා."

ඡන්දය ගණන් කිරීම ආරම්භ කරන වේලාව සහ ඡන්ද ගණන් කිරීම සදහා යොදාගන්නා නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැහැ. එමෙන්ම මනාප ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන්ද මේ දක්වා අවසන් එකගතාවයකට පැමිණ නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. 

ඡන්දය ගණන් කිරීමට ඇති ගැටළු සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙලෙස පැහැදිලි කළා.