Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා වැළදුණු නාවික හමුදාවේ 821ක් දෙනෙකු සුවය ලබයි




මෙරට නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන මේ වනවිට 2,014 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් සිව්දෙනා ද සමගයි. මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 384 ක්. කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වලින් ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 1,619 දෙනෙකු දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 

මේ අතර, නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් 904 දෙනා අතරින් 821 දෙනෙකු සුවය ලබා මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ, සුවය ලබා රෝහල්වලින් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් සියලූදෙනාම යළි අතිරේක නිරෝධායනයකට ලක් කරන බවයි.