Friday, May 17, 2024

General line - 0115112241

අනුරාධපුරයේ ගංජා බෙදු කොස්තාපල්වරයෙකුට වැඩ වරදියි




ගංජා ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යයාලයට අනියුක්තව රාජකාරී කළ එම පොලිස් කොස්තාපල්වරයා, යතුරුපැදියකින් ගංජා කිලෝ 1 ක් ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි. 

සැකකාර පොලිස් කොස්තාපල්වරයා රාජකාරී අවස්ථාවේ නිල ඇඳුමෙන් යුතුව එලෙස ගංජා ප‍්‍රවාහනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරුගේ  නිවස පරීක්ෂා කිරීමේදී තවත් ගංජා කිලෝ 9 ක් සොයාගෙන ඇති බව ද  පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.