Friday, May 17, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ සිට පැමිණි 19 දෙනෙක්ට කොරෝනා




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා. ඒ සමගින් මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2033 දක්වා ඉහළ ගොස් ඇත.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ බංග්ලාදේශයේ සිට පැමිණි ලාංකිකයින් 19 දෙනෙකුට මෙලෙස නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබන සමස්ත රෝගීන් සංඛ්‍යාව 383ක් වන අතර සුවය ලැබූ පිරිස 1639ක් වනවා.