Friday, May 17, 2024

General line - 0115112241

කල් ඉකුත් වූ රියදුරු බලපත‍්‍ර අළුත් කරන්න තවත් සහන කාලයක්




වලංගු කාලය අවසන් වන රියදුරු බලපත‍්‍ර අලූත් කිරීමේ සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ජූලි මස පළමුවනදා සිට සැප්තැම්බර් 30 වනදින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත‍්‍රවල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. 

මාර්තු 16 වනදා සිට ජූනි 30 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන සෑම රියදුරු බලපත‍්‍රයකම වලංගු කාලය එම රියදුරු බලපත‍්‍රයේ වලංගු කාලය අවසන් වන දින සිට මාස 6 කින් දීර්ඝ කර ඇති බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්.