Friday, May 17, 2024

General line - 0115112241

බැනර්, කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීම දෛනිකව කි‍්‍රයාත්මක කරන්නැයි පොලිසියට උපදෙස් 




නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම්, පෝස්ටර්, කටවුට් ආදිය ඉවත් කිරීම සඳහා දෛනිකව මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ එම මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. 

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 74 වන වගන්තියට අනුව නීතිවිරෝධී මැතිවරණ පත‍්‍රිකා, කටවුට්, පෝස්ටර්, බැනර් හා අනෙකුත් ප‍්‍රචාරක දෑ ප‍්‍රසිද්ධ ස්ථානයක ප‍්‍රදර්ශනය කිරීම තහනම් වනවා. ඒ අනුව, මාර්ග දෙපස හා පොදු ස්ථානවල නීතිවිරෝධී අයුරින් ප‍්‍රදර්ශනය කර තිබෙන පති‍්‍රකා, කටවුට්, පොස්ටර්, බැනර් හා අනෙකුත් ප‍්‍රචාරන දෑ ඉවත් කිරීමට කටයුතු කරනු ලබන අතර පොදු ස්ථානවල හා බස් රථවල සවි කර තිබෙන එල් ඊ ඞී වීඩියෝ තිර හා රූපවාහිනී තිර මගින් සිදු කරන නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රවර්ධනයන් වැළැක්වීමට පියවර ගන්නා බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.