Friday, May 17, 2024

General line - 0115112241

හිටපු නාවික හමුදාපතිවරයා ජනාධිපති කොමිසම හමුවට නොපැමිණේ




දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ තමන් අද පෙනී නොසිටින බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පවසනවා. ඒ වෙනුවට වෙනත් දිනකදී එම කොමිසම හමුවේ පෙනී සිටින බවයි නෙත් නිවුස් කළ විමසීමකදී හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සඳහන් කළේ. තමන් අද දිනයේ නොපැමිණෙන බව කොමිසමේ සභාපතිවරයාට ද දන්වා යැවූ බව  ඔහු සඳහන් කළා. 

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට එරෙහිව පලිගැනීමේ චේතනාවෙන් කටයුතු කර ඇති බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අද දිනයේ පෙනී සිටින ලෙයසි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එම කොමිසම මගින් දැනුම් දී තිබුණේ.