Friday, May 17, 2024

General line - 0115112241

තෙමසකට පසු විවෘත කළ පාසැල්වලට ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක

රංජිත් රාජපක්ෂ / රවීන්ද්‍ර චන්ද්‍රලාල් / මාධව කුලසූරිය




කොරෝනා වංසගතය හේතුවෙන් තාවකාලිකව වසා තැබුණු රජයේ පාසල් යළි විවෘත කිරීමේ පළමු අදියර යටතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් බොහෝදෙනෙකු අද දිනයේදී සිය රාජකාරී සඳහා වාර්තා කර තිබුණා.

නිර්දේශ කර ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් බොහෝ් පාසැල්වල කටයුතු ආරම්භ කරන අයුරු දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. කොළඹ ප‍්‍රදේශයේ පාසැල් යළි ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලූවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු මහේෂ් චතුරංග.

මහනුවර ප‍්‍රදේශයේ පාසල්වල කටයුතු පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායකගෙන්. 

උතුරු පළාතේ පාසල් වල කටයුතු පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම ද ඉහළ මට්ටමක පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ. 

මාතර දිස්ති‍්‍රක්කයේ පාසල්වල කටයුතු සොයා බැලූවා නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද. 

මේ අතර පාසල් යළි ආරම්භ කිරිමෙන් පසුවත් දරුවන් යහපත් සෞඛ්‍ය පුරුදුවලින් ඈත් නොකිරීමට වගබලා ගන්නැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. 

පාසල් යළි විවෘත කිරීමේ පළමු අදියර යටතේ අද සිට ලබන ජූලි මස 05 වනදා දක්වා පාසල් වෙත කැඳවා ඇත්තේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයයි.  ඒ අනුව අද සිට ලබන 05 වනදා දක්වා පාසල් පරිශ‍්‍ර පවිත‍්‍ර කිරීම, විෂබීජහරණ කටයුතු, දෑත් සේදීමේ පරිශ‍්‍ර සහ ගිලන් කාමර සූදානම් කිරීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සකස් කෙරෙනු ඇති.