Friday, May 17, 2024

General line - 0115112241

හිමිනමකට පහර දුන් දෙදෙනෙකු කහටගස්දිගිලිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට




කහටගස්දිගිලිය ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමකට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු එම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය, වහගහපුවැව ප‍්‍රදේශයේ පදිංචි 33 හා 60 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ. 

කලක පටන් පැවැති ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලීසිය සඳහන් කළා. පහරකෑමට ලක්වූ හිමිනම අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 

සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.