Sunday, May 12, 2024

General line - 0115112241

චීනයට එරෙහිව, ටික් ටොක් තහනම් කිරීමට විධායක නියෝගයක් ගැනීමට ට‍්‍රම්ප් සැරසෙයි




චීන සමාගමකට අයත්, ලොව ප‍්‍රකට ටික් ටොක් ජංගම දුරකථන යෙදවුම අමෙරිකාව තුළ තහනම් කිරීම සඳහා විධායක නියෝගයකට අත්සන් තබන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවේ ජංගම දුරකථන පරිශීලකයින් අතර සීඝ‍්‍රයෙන් ජනපි‍්‍රය වී ඇති ටික් ටොක් යෙදවුම, චීන බුද්ධි අංශ සිය මෙවලමක් ලෙස භාවිත කිරීමේ අවදානම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙම තීරණයට එළඹ ඇත්තේ, ජාතික ආරක්ෂාවට බලපාන ගනුදෙණු පිළිබඳව විමර්ශනය කරන අමෙරිකානු විදේශ ආයෝජන කමිටුව විසින් සිදු කරන ලද සමාලෝචනයකින් අනතුරුවයි. අමෙරිකාවේ පුද්ගලයින් මිලියන 80 කට අධික පිරිසක් ටික් ටොක් යෙදවුම භාවිත කරන බව එහිදී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ටික් ටොක් යෙදවුම අයත් බීජිංහි බයිට්ඩෑන්ස් සමාගම, අමෙරිකාව එල්ල කරන මෙම චෝදනාව ප‍්‍රතික්ෂේප කරනවා. එම සමාගම පවසන්නේ ටික් ටොක් යෙදවුම කිසිසේත් දේශපාලනික මෙවලමක් නොවන බවයි. ටික් ටොක් යෙදවුම කිසිදු දේශපාලන න්‍යාය පත‍්‍රයක් යටතේ කි‍්‍රයාත්මක නොවන බවත්, පුද්ගල විනෝදාස්වාදය ස`දහා පමණක්ම නිපදවූවක් බවත් අදාළ සමාගම නිවේදනය කරනවා.

අමෙරිකානු බුද්ධි තොරතුරු ආරක්ෂා කරගැනීමේ අරමුණින් චීනයට සම්බන්ධතා පවත්වන ජංගම දුරකථන යෙදවුම් රැුසක් අමෙරිකාව තුළ තහනම් කිරීම කෙරෙහි ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.