Friday, May 17, 2024

General line - 0115112241

ඡන්ද පෙට්ටි සැකසීම අවසන් අදියරේ - ඡන්ද ගණන් කිරීම අදියර තුනකින්




එළඹෙන මහමැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ පරිශ‍්‍ර සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඡන්ද විමසීම පැවැත්වෙන දින රාතී‍්‍ර කාලයේ ඡන්ද ගණන් කිරීම් පරිශ‍්‍රයේ රැදී සිටීම සඳහා එක් ඡන්ද ප‍්‍රදේශයකට එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් නියෝජිතයින් දෙදෙනෙකු පත් කළ හැකි බවයි. එමෙන්ම ඡන්ද පෙට්ටි ආපසු භාර ගැනීම නිරීක්ෂණය සඳහා එක් භාර ගැනීමේ ශාලාවකට එක් පක්ෂයකින් හෝ එක් ස්වාධීන කණ්ඩායමකින් නියෝජිතයින් දෙදෙනෙකු පත් කළ හැකියි. 

මේ අතර මෙවර මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව පළමු අදියරේදී එක් එක් ඡන්ද පෙට්ටියේ ඇති ඡන්ද සංඛ්‍යාව ගණනය කෙරෙණු ඇති. දෙවන අදියරේදී එක් එක් පක්ෂයේ හා ස්වාධීන කණ්ඩායම් ලබා ගත් ඡුන්ද සංඛ්‍යාව ගණනය කෙරෙන අතර තුුන්වන අදියරේදී මනාප ගණන් කිරීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.