Friday, May 17, 2024

General line - 0115112241

රැඳවියන්ට සැප දුන් බන්ධනාගාර අධිකාරීවරයා රිමාන්ඞ්




මීගමුව බන්ධනාගාරයේ රැදවියන්ට පහසුකම් සැපයීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැණුනු මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ සැකකරු මීගමුව වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ, පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගැණුනේ කුරුණෑගල ප‍්‍රදේශයේදීයි. මීගමුව බන්ධනාගාරයේ රැුදවියන්ට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ  මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටිනවා. 

සැකකරුවෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත‍්‍රාත්වරයා හමුවේ සඳහන් කර ඇත්තේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ අතර ඔහු මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත භාර වූ බවයි. මෙහිදී රජය වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහෙස්ත‍්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගත් බවට මීගමුව පොලිස් පරීක්ෂකවරයා විසින් සටහනක් තබා ඇති බැවින් ඔහු පොලිසියට භාර වූ බවට පැවසිය නොහැකි බවයි. 

මේ අතර මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගනු ලැබුවේ බුද්ධි අංශ මෙහෙයුමකින් බවයි අද මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ  

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිදු කෙරෙන විමර්ෂණ වලට අනුව බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.